පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දුරකථන ඇමතුම් දත්ත මකා දමා
සැඟවීමට උත්සාහ කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල ලංසු ඉදිරිපත් කිරීමට
අදාළ තොරතුරු රැසක් අද (06 දා) බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව
විසින් මුල්වරට හෙළිදරව් කිරීමට නියමිත බව එම කොමිසමේ සමීප ආරංචි
මාර්ගවලින් වාර්තා වේ.
මෙලෙස අනාවරණය වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් පටිගත කළ
දුරකථන ඇමතුම් දත්ත මකා දමා පසුව එම ඇමතුම් දත්ත ගබඩා කර තිබූ පරිගණක
යන්ත්‍රය පවා විනාශ කර ජනාධිපති බැඳුම්කර කොමිසමට මෙතෙක් සැඟවූ සත්‍යය බව ද
එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි. මෙම දුරකථන සංවාදවලට සවන්දීමෙන් පසු ඇතැම් ප්‍රශ්නගත භාණ්‌ඩාගාර
බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් බැඳුම්කර ලංසු
ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු රැසක් හෙළිදරව් වී ඇතැයි ද එසේම ඒ අතර මහ
බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටවීම සහ මිල සංවේදී තොරතුරු පිටවීම පිළිබඳ
තොරතුරු පවතින බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා අතර මෙම දුරකථන සංවාද
සිදුව ඇති බව ද කියති. මේ අනුව අද දින කොමිසමේ සාක්‍ෂි විභාගය අතරතුරදී එම දුරකථන සංවාද
තොරතුරු රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත්
කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්‍ෂණ ප්‍රධානී සචිත්
දේවතන්ත්‍රි මහතාගේ සාක්‍ෂියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන
ඇමතුම් පටිගත කිරීමේ පද්ධතියෙන් ඇතැම් තෝරාගත් දුරකථන ඇමතුම් මකා දමන ලද බව
හෙළිදරව් වූ අතර එසේ මකා දැමූ දුරකථන සංවාද සී ඩී පට හතරක සමාගම් ප්‍රධාන
අලෙවිකරු නුවන් සල්ගාදු භාරයේ ඇති බව ද සචිත් දේවතන්ත්‍රි කොමිසමට හෙළි
කළේය. ඒ අනුව කොමිසමේ නියෝගය පරිදි නුවන් සල්ගාදු විසින් එම සී ඩී පට
කොමිසමට භාරදීම පෙරේදා (4 දා) සිදුවිය. ඉන්පසු ඊයේ (5 දා) සවස සිට එම
දුරකථන සංවාදවලට සවන්දීම කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අරඹනු ලැබීය.
Tuesday, September 5, 2017

දුරකථන සංවාද මකා දමමින් පර්පෙචුවල් සැඟවූ රහස් රැසක් අද එළියට! (EXCLUSIVE)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment