ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 සම්මේලනයේ සාර්ථකත්වය පිළිබඳ කතිකාවතේදී,
මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ඉතා ලැජ්ජාසහගත ලෙස ජනපතිවරයාගෙන්
බැනුම් අසා තිබේ. සම්මේලනය අවසන් වීමටත් ප්‍රථම මහින්ද රාජපක්ෂ හා
ජොන්ස්ටන් ප්‍රනාන්දු එහි විසුලු වීඩියෝ හක්මණදී ජනතාවට දැක්වීම පිළිබඳව
අතිශය කෝපයට පත් ජනපති මෛත්‍රී පක්ෂ ලේකම් වරු දෙදෙනාට දැඩි ලෙස දෝෂාරෝපණය
කර ඇත.
“තොපිට වඩා පඹයි දෙන්නෙක් දැම්මා නම් හොදයි.. මම දේශපාලනේට
ඊයේ ආවෙ නෑ.. මම ජනාධිපතිකමට අහසින් වැටුනේ නෑ.. තොපි දෙන්නට බෑ මාව
තම්බන්න.. තොපේ අම්මලාට ######…………” යනුවෙන් දැඩි ලෙස දෝශාරෝපණයක් සිදු කර
ඇත. අමාත්‍ය එස්. බී. දිසානායකටද මද වශයෙන් බැන වැදී ඇති ජනපතිවරයා
නික්ම යෑමත් සමඟම දුමින්ද දිසානායක අමාත්‍යවරයා තම හිතවත් ඇමතිවරයෙකුට පවසා
ඇත්තේ ” ලොක්කට එහෙනම් පොළොන්නරුවම ගෙන්නන්න තිබ්බනේ.. රොෂාන්ට බයේ යූ එන්
පී එකට ගිහින්, අපිව මරාගෙන කන්න හදනවා” යනුවෙනුයි..
කෙසේ වෙතත්, දුමින්ද
දිසානායක, ෆයිසාර් මුස්තෆා හැරෙන්නට වෙනත් කිසිදු දේශපාලකයෙක් මේ රැස්වීමට
සැලකිය යුතු සෙනඟක් නොගෙනා බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඒකබද්ධ
විපක්ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා දුරකථනයෙන් කියා සිටි බව
අප වෙත වාර්තා වෙනවා.
එම ආන්දෝලනයට තුඩු දුන් මහින්ද රාජපක්ෂ මහතා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වීඩියෝව පහතින්...
උපුටා ගැනීම Leaks LK
Tuesday, September 5, 2017

අමරවීරයි, දුමින්දයි මෛත්‍රීගෙන් “තොපෙ අම්මට” කියා අසා ගනී (වීඩියෝ සහිතයි)
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment