ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ආණ්ඩුව නියෝජනය කරන මැති – ඇමැතිවරුන් කිහිපදෙනකු හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව ජනාධිපතිවරයාට සෘජුවම පවසා තිබේ. අරුන්දික ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමජයන්ත, අනුර පියදර්ශන යාපා, නිමල් ලන්සා, සුසන්ත පුංචිනිලමේ යන මැති ඇමැතිවරු පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කෙළේ ඉහත කී මැති ඇමැතිවරුන්ට තමන්ට කැමැති තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බවයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 11 දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින අතර, එම පිරිස අවස්ථා කීපයකදී තම තීරණය ක්‍රියාත්මක කරන බවද වාර්තා වෙයි.
Saturday, September 9, 2017

‘කැමති තීරණයක් ගන්න’ – ජනපති අවසන් තීන්දුව දෙයි
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment