ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ.
ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව වෙතය. එහෙත් සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් ලන්සා සහ අරුන්දික ප්‍රනාන්දු වැනි ඇමැතිවරුන්ගේ අදහස වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වී තරග කළ යුතු බවයි.
එලෙස විවිධ අදහස් පළවීම නිසා හිටපු ජනාධිපතිනියගේ යෝජනාව අනුමත වී නැති බවත් ඒ පිළිබඳ පසුව අවධානය යොමුකොට තීරණයක් ගැනීමට නියමිත බවත් ශ්‍රී ලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කෙළේය.
Saturday, September 9, 2017

චන්ද‍්‍රිකාගේ යෝජනාව ශ‍්‍රීලනිපයෙන් විසිවෙයි
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment