ආණ්ඩුවේ මන්ත්‍රී වරුන් පිරිසක් ජනපති සිරිසේන හමුවී ආණ්ඩුවෙන් ඉවත් වන බව පවසා ඇති බව වාර්තා වේ. ඊට පිළිතුරු ලෙස ආණ්ඩුව විසින් අදාල මන්ත්‍රීවරුන්ට මිලියන 60 බැගින් කප්පම් දීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර කීප දෙනෙක් එම යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර ඇත. අනෙක් පිරිස ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානම් බව අප වෙත වැඩි දුරටත් වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට සුදානමින් සිටින මන්ත්‍රී වරුන් පිරිසකට රුපියල් මිලියන 60 බැගින් ලබා දී ආණ්ඩුවේ තබා ගැනීමේ සැලස්මක් මේ වනවිට ආරම්භ වී ඇත. මහින්ද රාජපක්ෂ මැතිතුමන් හට දුරකතනයෙන් කතා කලබව කියන මන්ත්‍රී වරුන් 28 දෙනෙකු ජනාධිපති නිල නිවසට කැදවා රුපියල් මිලියන 60 බැගින් ලබාදෙන්නට තමන් එකඟ අතර තවත් ඇවැසි මොනවාදැයි සිරිසේන ජනාධිපතිවරයා ප්‍රශ්න කොට ඇත. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් වත්මන් ආණ්ඩුවෙන් රටට හා ජනතාවට සිදුකල සාපරාධි අපරාධයන් පිලිබදව මතක් කරමින් තව දුරටත් ආණ්ඩුවේ සිටීමට හැකියවක් නොමැති බව සිරිසේන ඉදිරියේම ප්‍රකාශ කොට ඇත.
මේ අතර කිහිප දෙනෙක් ආණ්ඩුවේ සිටීමට නම් තවත් වරදාන වරප්‍රසාද අවශ්‍ය බවත් කොළබ ප්‍රදේශයෙන් නිවසක්, වාහනයක් හා තමන්ගේ බිරින්දෑවරුන්ට රජයේ වැදගත් තනතුරු ලබා දෙන ලෙස ද ඉල්ලා ඇති අතර එයට සකච්චවට සහභාගී වූ ප්‍රභලයන් සිය කැමැත්ත පල කොට ඇති අතර ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් හෝ ආණ්ඩුවේ සිටින ලෙස අයැද සිටින බව, සිරිසේන ජනාධිපතිවරයා බයාදු ස්වරයෙන් සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයට එක් වන මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක්ම පැවසුහ.
මිලියන හැටක් වෙනුවෙන් තම හදවත පාවා දුන් මන්ත්‍රීන් අතර ප්‍රමුඛ සම්භන්ධීකරණයක් කර ඇත්තේ නිශාන්ත මුතුහෙට්ටිගම මනූෂ නානායක්කාර තාරානාත් බස්නායක දුශ්මන්ත මිත්‍රපාල දයාසිරි ජයසේකර රංජිත් සියඹලාපිටිය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ යන මැති ඇමති වරියන් විසින් බව අපවෙත වාර්තා වේ.
උපුටා ගැනීම : leakslk.com
Tuesday, September 5, 2017

මිලියන හැටකට තම හදවත පාවා දුන් ඇමතිවරු මෙන්න.
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment