ක්‍ෂේත්‍ර නිලධාරින්ට පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි ආකාරයෙන් සම්මත කරගත් පළාත්පාලන ආයතන සංශෝධන පනත පිළිබඳව නැවත සළකා බලන ලෙස තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා. ඊයේ සවස පැවති මෙම සාකච්ඡාවේදී 20 වන සංශෝධනය ඇතුලූ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව අණපනත් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.
එමෙන්ම පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත මගින් ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමේ අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.
Saturday, September 9, 2017

පාර්ලිමේන්තුවෙදි හම්බ වෙලා මහින්ද – රනිල් කතා කරපු දේ මෙන්න (VIDEO)
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment