යුද සමයේදී අතුරුදහන් වූවන්ට සාධාරණය ඉල්ලා වවුනියාවේ විරෝධතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

යුද සමයේදී අතුරුදහන් වූවන්ට සාධාරණය ඉල්ලා වවුනියාවේ විරෝධතා

යුද සමයේදී අතුරුදහන් වූවන්ට සාධාරණය ඉල්ලා වවුනියාවේ විරෝධතා

යුද සමයේදී අතුරුදහන් වූ පිරිසට වහාම රජයෙන් සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් වවුනියාවේ විශාල පිරිසක් 30 දා දහවල් නගර මධ්‍යයේ පෙලපාලි ගියහ.

යාපනය මහනුවර ඒ-9 මාඅර්ගය ඔස්සේ විශාල පෙළපාලියකින් ගමන් කළ මේ පිරිස වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට සටන් පාඨ කියමින් පැය කීපයක්ම ඔවුන්ගේ විරෝධතාවය දක්වා සිටියහ.

වවුනියාවේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන අටක් මේ පෙළපාලිය සදහා අනුග්‍රහය දක්වා තිබුණි.

ඔවුන් මේ විරෝධතාවය මගින් කියා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ තම ඥාතීන් වෙණුවෙන් රජයෙන් මේ දක්වා කිසිම සාධාරනයක් ඉටු වී නොමැති බවයි.

මේ නිසා ඔවුන් වෙනුවෙන් රජය වහාම මැදිහත් විය යුතු බවද කියා සිටියහ.

මේම පෙළපාලිය අවසානයේදී ජිනීවා මානව හිමිකම් කමිටුවට මේ සම්බන්දයෙන් ඉල්ලීමක් කරමින් යැවීමට සකස් කොට තිබූ විශේෂ පෙත්සමකටද විරෝධතාකරුවෝ අත්සන් කළහ.

- දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad