අලුගෝසු තනතුරට ඇමරිකානුවා තේරෙන ලකුණු කුඩ්ඩන් 17 ක් එල්ලා මරයිද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

අලුගෝසු තනතුරට ඇමරිකානුවා තේරෙන ලකුණු කුඩ්ඩන් 17 ක් එල්ලා මරයිද?

 දක ( අලුගෝසු ) තනතුර සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මින් සති කිහිපයකට පෙර පළකළ පුවත්පත් දැන්වීම ප්‍රකාරව අයදුම් කර ඇති පිරිස අතරින් සුදුසුකම් සපුරා ඇති දේශිය අය අල්ප බවත් ඒ හේතුවෙන් ඒ සඳහා ඉල්ලුම් කළ විදේශීය ජාතිකයා බඳවා ගැනීමට තෝරාගැනීම සම්බන්ධයෙන්
අවධානය යොමුවී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි පළව තිබේ. උසස් නිලධාරියෙකු මාධ්‍ය අමතා පවසා ඇත්තේ එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති මුත්, ලැබී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබූ බවයි. අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් කරන්නට නියමිතව තිබේ.
එම තත්ත්වය තුළ අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත්
ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනුලෙද අතර ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17කි.
ශ්‍රී ලංකාව තුළ අවසන් වරට 1976 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණ දඬුවම ක්‍රියාත්මක වී තිබුණ නමුත් පසුව එය ජීවිතාන්ත සිර දඩුවමක් ලෙස මාරු කරන ලදි. වසර 43 කට පසු නැවත 2019 වසරේ මරණ දඩුවම ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ.
ලෝකයේ මරණ දඩුවම නිවැරදිවම ක්‍රියාත්මක කරන රටවල් පවතින්නේ 56 ක් පමණි. රටවල් 106 ක පමණ දඩුවම වෙනත් ආකාරයට මාරු කර ඇත.අධිකරණ නියමය මත  වසරකට 10 දෙනෙකුට වඩා මරාදමන රටවල් ඇත්තේද 8 ක් පමණි. එනම් චීනය.ඉරානය.සවුදි අරාබිය,ඉරාකය, පකිස්තානය, ඊජිප්තුව, ඇමරිකාව හා සෝමාලියාවයි.
මානව හිමිකම් සැලකීම,වැරදි නොකළ අය හසුවීම,ජාති ආගම් පන්ති අනුව පක්ෂපාත තීරණ ලැබීම, වැරදි හදාගන්නා අවස්ථාව අහිමි කරවීම හා රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යන කරුණු සලකා බොහෝ රටවල් මරණ දඩුවම හරියාකාරව ක්‍රියාත්මක නොකරන අතර විශේෂයෙන් චීනය ඇමරිකාව හා ඉස්ලාම් ආගම හැ බැඳුණ රටවල් මෙම තීරණයේ තදින් සිටී.
මෙතෙක් පැවති තීරණය වෙනස්වීම සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් මාධ්‍ය පවා ලංකාව වෙත අවධානය යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad