ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් - මධූෂ්ගේ මුදල් වත්කම් ගැන හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් - මධූෂ්ගේ මුදල් වත්කම් ගැන හෙළිවෙයි

ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් - මධූෂ්ගේ මුදල් වත්කම් ගැන හෙළිවෙයි

දැනට ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවට වාර්තා වේ.

බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව සඳහන් වේ.

ඔහුට අයත් ඩුබායි බැංකු ගිණුම් පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ හෙරොයින්, කොකේන් සහ කප්පම් ගැනීම් මෙන්ම මුදලට සිදුකළ ඝාතන වලින් රුපියල් කෝටි 500කට වැඩි ප්‍රමාණයක් ඔහු උපයා ඇති බවය.

මේ අතර, මධුෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිටින කෙසෙල්වත්තේ දිනුක නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිය.

ඔහු චරිදු චනිල්ක සංකල්ප හෙවත් රයිනා නමින් හඳුන්වන 24 හැවිරිදි අයෙකි. කෙසෙල්වත්ත - වේල්ලවීදිය ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වේ.

No comments:

Post a Comment

Post Bottom Ad