රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් (1,63,44,179 ) ක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු අද (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොවුන් කොළඹ මරදාන , මීගමුව , සීදුව , හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති .
මෙම පිරිස අද (19) රාත්‍රී සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් සහ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම කිලෝ ග්රැම් 02 යි ග්රැම් 974 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සහ රත්තරන් බිස්කට් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එස්.පී.කිරිවත්තුඩුව සහ ඩී.නන්දගෝපාල් , රේගු අධිකාරීවරුන් වන ඩී.ඩබ්ලිව්.කේ.විජේතුංග , ඩී.අජිත් ,බර්නාඩ් සුමිත් සහ
ආර්.එම්.ඒ.කේ.ඩී.රුද්‍රිගු , සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.එම්.එස්.සිල්වා , ජී.ඩී.සී.ජයසූරිය , ඩබ්ලිව්.ඒ.එන්.වෙල්ගම , කේ.වයි.ඩී.ධර්මතිලක , එම්.එම්.එම්.රිෂ්වි , ජේ.කේ.අරඹේවෙල , ටී.එම්.එන්.ඊ.බී.තෙන්නකෝන් , ආර්.වයි.ජීවානන්ද සහ ටී.එම්.ආර්.එන්.රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
No comments:
Post a Comment