මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි

මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි

 මන්නාරම සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්ඵල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්ථාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පැවසීය.

ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගරය මගින් මන්නාරම් මිණීව‍ලෙන් හමු වූ සිරුරු වල කාල නිර්ණය පිළිබඳව ලබාගත් සාම්ඵල 6න් 5 ක වාර්ථාව පසුගිය 16 වනදා විද්‍යුත් තැපෑල මගින් යොමු එවා තිබූ අතර එම වාර්ථාව ඡායා පිටපත් ලබාගෙන වාර්ථාව සකසා අද (20) දින මෙසේ මන්නාරම් අධිකරණයට භාර දීමට පියවර ගෙන තිබුණි.

ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කොට සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘අද උදෑසනම මාගේ ප්‍රධානත්වයෙන් ඇමරිකාවේ රසායනාගාරයෙන් එවන ලද කාබන් වාර්ථාව මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වණරාජා මහතා වෙතට භාරදීමට පියවර ගත්තා එහි වාර්ථාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් දැනුම් දීම ඉදිරියේදී අධිකරණය මගින් ගන්නා තීරණයකට අනුව සිදු වෙනවා එම වාර්ථාව් අඩංගු කරුනු හෙලි කිරීමද අධිකරණය මගින් ගන්නා තීරණයන්ට අනුව ඉදිරියේදී දැනගැනීමට හැකිවෙයි.

අද දිනයේදීද මන්නාරම් සමූහ මිණීවලේ 147 වන දිනට කැනීම් කටයුතු සිදු වෙනවා මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිවළ තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 28 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමු වෙලා තියෙනවා යනුවෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad