කරුංකා ජාවාරම පිටුපස කැබිනට් ඇමැති දෙපළකගේ සහෝදරයෝ 2ක්: හිටපු ඇමැති පුතෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

කරුංකා ජාවාරම පිටුපස කැබිනට් ඇමැති දෙපළකගේ සහෝදරයෝ 2ක්: හිටපු ඇමැති පුතෙක්

පසුගිය දිනවල අනාවරණය වූ මහා පරිමාණ කරුංකා ජාවාරම පිටුපස එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ සහෝදරයන් දෙදෙනෙක්ද, හිටපු ඇමැතිවරයකුගේ පුතෙක්ද, ප්‍රබල ක්‍රීඩකයකුගේ
සහෝදරයෙක් හා මීට පෙර අශ්වයන්ගේ පරිප්පු ජනතාවට කවා සිරගත වූ ජාවාරම්කරුවකුගේ බෑනා කෙනෙක්ද සිටින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කළේය.

සමරසිංහ මහතා  පැවැසුවේ අදාළ ජාවාරම්කරුවන් ඉන්දියාවේ සුපිරි හෝටල් මෙන්ම කොළඹ 07 පිහිටි ඉඩම් හා නිවාස පවා මිලදී ගෙන ඇතැයි වාර්තා වන බවයි.
ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරටට ලැබුණු කරුංකා අපනයන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් වියට්නාමයෙන් කරුංකා ගෙන්වා ඒවා මෙරටින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ මහා පරිමාණ ජාවාරමෙන් අද දේශීය කරුංකා නිෂ්පාදිතයා බරපතළ අනතුරකට පත්ව ඇති බව ඔහු පවසයි.

කරුංකා සිද්ධිය හරහා ලංකාවේ කරාබු හා ගම්මිරිස් නිෂ්පාදනයද බරපතළ අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙකී ජාවාරම හරහා රටට කෝටි ගණනක් අහිමි කළ ජාවාරම්කරුවන්ගේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවද ඔහු වැඩිදුරටත් කීය.


-අනුරාධා හේරත්-

No comments:

Post a Comment

Post Bottom Ad