යාපනයේ පාසලක ක්‍රීඩා උළලේදී ඊලාම් සිතියමක අනුරුවට නිවාසයක් තනයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

යාපනයේ පාසලක ක්‍රීඩා උළලේදී ඊලාම් සිතියමක අනුරුවට නිවාසයක් තනයි

යාපනයේ පාසලක ක්‍රීඩා උළලේදී ඊලාම් සිතියමක අනුරුවට නිවාසයක් තනයි

යාපනයේ ප්‍රසිද්ධ පාසලක පැවති නිවාසාන්තර ක්‍රිඩා උළෙලකදී  එක් නිවාසයක් තනා තිබුණේ ඊළාම් සිතියමේ අනුරුවකට අනුවය. 

අධ්‍යාපන බලධාරීන් ඇතුලු බොහෝ දෙනෙකු මේ නිවාසාන්තර උළෙලට සහභාගී වූවත් මේ පිළිබදව ඔවුන්ගේ  අවධානය යොමු වී නොතිබුණි.

මේ ආකාරයේ සිතියමක් විදුලි බුබුලු වලින් ආලෝක කොට යාපනයේ කෝවිලක පෙරහැරේ රැගෙන යාම නිසා කෝවිලේ ප්‍රධාන බාරකාර පූසාරීවරයා ඇතුලු දස දෙනෙකුට එරෙහිව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් යාපනය අධිකරණයේ නඩු පවරා තිබේ.

නමුත් යාපනයේ පාසලක සිසුන් විසින් ඊළාම් සිතියමක ආකාරයට ඔවුන්ගේ නිවාසය තැනීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් එල්ල වී නොමැත.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad