5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති


පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික
වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව

අමතමින් සඳහන් කර තිබෙයි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද එහිදී ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් මීට කලකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ සමාජය තුළ ඒ ගැන පුළුල් සංවාදයක් ඇති විය.
එය තරගකාරී අධ්‍යාපන රටාව නිසා ළමා කාලය විනාශවීමේ අනිටු අත්දැකීමෙන් ළමුන් මුදාගන්නා තීරණයක් ලෙස ඇගයුමට ලක්වූ අතරම ගම්බද දක්ෂ දරුවන්ට ඉදිරියට ඒමේ අවස්ථාව අහිමි කිරීමක් බවට අවාසි විවේචනද පළ විය. එයට විකල්පයක් ලෙස වෙනත් 8 වසරේ විභාගයක් පැවැත්වීමේ අදහසක්ද පළවී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad