රයන් අමල් යාළුවො තමා එකම පෙනුම තිබුණට මං මදුෂ් නෙමෙයි - දෙහිවල ව්‍යාපාරිකයාගෙන් ආයාචනයක් - විගස පුවත් - Vigasapuwath

Wednesday, February 20, 2019

රයන් අමල් යාළුවො තමා එකම පෙනුම තිබුණට මං මදුෂ් නෙමෙයි - දෙහිවල ව්‍යාපාරිකයාගෙන් ආයාචනයක්

https://www.gossiplankanews.com/2019/02/madush-similar-sanjeewa-priyankara.html#more
මන් මාකඳුරේ මදුෂ් බවට දක්වමින් යූටියුබ් ප්‍රමුඛ අන්තර්ජාල මාධ්‍ය තුළ වැරදි ප්‍රචාරයක් දියත්වී තිබෙන නමුත් තමාගේ රැවුල හා මුහුණේ පෙනුම අනුව රැවටී එය ඇත්තක් යයි බොහෝ අය වරදවා තේරුම් ගැනීම නිසා විශාල අපහසුතාවයකට ලක්ව තිබෙන බව දක්වමින් සංජීව ප්‍රියංකර නමැති ව්‍යාපාරිකයෙකු
නිවේදනයක් නිකුත් කර තිබේ.

අමල් රයන් මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් ආසන්න දිනවල පැතිරුණ වීඩියෝවක අමල් ගිටාරයක් වාදනය කරමින් 'මල්පිටමල්' ගීතය ගායනා කරද්දී ඔහු අසළ උඩුකය නිරුවතින් සිටි සම මත පච්ච කොටාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු නටමින් විනෝදවන අයුරු එම වීඩියෝවේ දැක්විණි.

 එම පිරිස අතර අමල් රයන්ට අමතරව කැරොකි වසන්ත මෙන්ම මේ කියන සංජීව ප්‍රියංකරද සිටි අතර ඔහුගේ රැවුල හා සිහින් දිගටි මුහුණ නිසා ඇතැම් අය සිතුවේ ඒ මාකඳුරේ මදුෂ් බවයි.

එය ගැන වැඩි දැනුමක් නැතිව අන්තර්ජාලය තුළ ෆේස් බුක් පෝස්ට් හා යූටියුබ් වීඩියෝ නිර්මාණය කරන පිරිස් අමල් රයන් සමග මදුෂ්ද නැටූ වීඩියෝවක් ලෙස මේ ගැන ප්‍රචාරය දියත් කර තිබුණි.

නමුත් ඔහු මදුෂ් නොවූ අතර සංජීව ප්‍රියංකර නමැති දෙහිවල ප්‍රදේශයේ කාර් සේල් හිමියෙකි. ඔහු අමල් රයන් වසන්ත ඇතුළු මිතුරන් සමග හිල්ටන් හෝටලයේ විනෝද වූ අවස්ථාවක් මෙම වීඩියෝවට පාදකවී තිබේ.
තමන් මදුෂ් ලෙස නම් කිරීම නිසා අපහසුතාවට ලක්වීම ගැන ඔහු සටහන් කර තිබුනේ මෙසේය.

'මෙම දින කිහිපය තුළ මා ඉතා අපහසුතාවයකට පත්ව සිටී,මීට මාස කිහිපයකට පෙර Amal Perera , Rayan Van Rooyen හා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග Colombo Hilton,හෝටලයේ දී ගත් වීඩියෝ පටයේ Amal Perera සමග සිටින්නේ මාකදුරේ මදුශ් ලෙස සංජීව ප්‍රියංකර වන මා උලුප්පා පෙන්වා ඇත,එයින් මාත් මාගේ බිරිඳත් දරු දෙදෙනාත් ඉතා අපහසුතාවයකට පත්ව සිටී"


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *