කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්

කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්

රුපියල් කෝටි 700 ක් වටිනා  නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා  රිමාන්ඩ් කරන ලෙස  ගංගොඩවිල මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා  නියෝග කළේය.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන කේ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නම් එම සැකකරු අද ( 20) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේදී  හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්  කරනු ලැබීය.
   
මෙම සැකකරු පොලිස් නිළධාරියකු ලෙස පෙනීසිටිමින් පන්නිපිටිය  ව්‍යාපාරිකයකුගේ නිවසට  පැමිණ දියමන්ති ඇතුළු මැණික් ගල් තොගයක් රැගෙන  පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.  එම සිදු වීමෙන්  පසු  ඊයේ (19)  මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද  ප්‍රදේශයේදී සැකකරු  අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad