ශිෂ්‍යත්වය අහෝසි කරන්න ජනපති එකඟ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

ශිෂ්‍යත්වය අහෝසි කරන්න ජනපති එකඟ වෙයි

ශිෂ්‍යත්වය අහෝසි කරන්න ජනපති එකඟ වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “ දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කර තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සදහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සදහා ඉදිරි සති 02 තුළ දී ජාතික අරමුදලක් පිහිටුවන බවයි.

දරුවන් මුහුණ දී සිටින ගැටළු පිළිබද විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබා ගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම මෙහි අපේක්ෂාව බව ජනාධිපතිවරයා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad