"ලතීෆ් මහතා විශ්‍රාම ගිය නිසා පාටියක් දැම්මද දන්නේ නෑ - මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම ගැන කියන්නේ නෑ" - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

"ලතීෆ් මහතා විශ්‍රාම ගිය නිසා පාටියක් දැම්මද දන්නේ නෑ - මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම ගැන කියන්නේ නෑ"

මාස කිහිපයක සිට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් අනතුරුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නීතිය සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එම මෙහෙයුම රහසිගත මෙහෙයුමක් බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

“ඩුබායි ඉදලා මාකඳුර් මධූෂ් කියන පාතාල නායකයා  නොයෙක්  පාතාල ක්‍රියාකාරක් හා මත්ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කළා. කාලයක් තිස්සේ පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් මේ සම්බන්ධව කටයුතු කරපු ආකාරය ගැන අපි කියන්නේ නෑ. ඒක බොහොම රහස්. කරපු ආකාරයෙන් තමයි අද මේ අත්අඩගුවට ගැනිම කරන්න පුළුවන් වුණේ.

මාකඳුරේ මධූෂ් මේ රටෙන් ව්‍යාජ පාස්පෝට් යොදාගෙන රට ගියා. ඒ සම්බන්ධව කටයුතු කරලා මීට මාස ගාණකට පෙර මේ සම්බන්ධව රතු නිවේදන නිකුත් කර තිබුණා. මේ මෙහෙයුම කාලයක් තිස්සේ කළා. ඒ නිසා තමයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සිදුකළේ. මේ පාතාල නායකයෝ විශේෂ කාර්ය බළකායේ සේනා විධායකවරයා ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විශ්‍රාම ගිය නිසා පාටියක් දැම්මද දන්නේ නෑ.”

No comments:

Post a Comment

Post Bottom Ad