මධූෂ්ගේ තවත් ගෝලයින් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

මධූෂ්ගේ තවත් ගෝලයින් අත්අඩංගුවට

මධූෂ්ගේ තවත් ගෝලයින් අත්අඩංගුවට

දින කිහිපයකට පෙර ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල සමාජික මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පදලංගල සහ තංගල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් සතුව තිබි T-56 ගිනි අවියක් ,උණ්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් හමු වි තිබේ.

මේ අතර අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අන්දරවත්තේ චාමර නැමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (10) පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.

සැකකරු ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි නායකයින් වන මාකදුරේ මදුෂ් සහ දෙමටගොඩ චමින්ද යන අයගේ සමීපතමයෙකු බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad