ඇමතිකම් වැඩි කරගන්න ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නෑ(VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

ඇමතිකම් වැඩි කරගන්න ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නෑ(VIDEO)

ඇමතිකම් වැඩි කරගන්න ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නෑ(VIDEO)

ඇමතිධූර ඉහළ නංවා ගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ වැදගත්කමක් නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සෙසු අය ඉල්ලා අස්වීමෙන් අමාත්‍යධුර අවශ්‍ය තැනැත්තන්ට ඒවා ලබාදීම වඩාත් යෝග්‍ය බවයි. 

ඇමතිධූර වැඩි කරගැනීමට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නොපවතින බව සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසූවේ කවුරුන් හෝ අමාත්‍යවරයෙකු තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම අමාත්‍යධූරය අවශ්‍ය තැනැත්තන්ට ලබා දීමට කැමැත්තෙන් සිටී නම් ඉතාම යෝග්‍ය වන්නේ එය බව තමන් විශ්වාස කරන බවයි.

එසේ නමුත් එමඟින් ජාතික ආණ්ඩුවක් සෑදිය නොයුතුය යන්න තමන් නොපවසන බවත් එම වෙනස තේරුම් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා පැවසූවේ ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය පවතින බවයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad