කුවේට්හි මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙමින් සිටි ශ‍්‍රී ලාංකිකයකු එරට අපරාධ පරික්ෂකයින් විසින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සැකකරු නැවතී සිටි නිවසේ තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් දහයක්, ෂාබු නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් දෙකක් සහ හෂීස් කිලෝ ග‍්‍රෑම් තුනක්ද සොයාගෙන ඇත.
සැකකරු සිය නිවසේ සිට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමක නියැළෙන බවට කුවේට් අපරාධ පරික්ෂණ අංශයට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන කුවේට්හි ෆහාලීල් ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා තිබේ. එහිදී ඉහත මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති බව එරට මාධ්‍ය හෙළිකර ඇත.
මේ සම්බන්ධයෙන් කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඒ මහතා ප‍්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් සැකකරු ශ‍්‍රී ලංකාවේ කුමන ප‍්‍රදේශයක සිට කුවේට් වෙත පැමිණ ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නැති බවත්ය.
Wednesday, February 20, 2019
කුවේට්වලත් මත එලූ ලාංකිකයෙක් කුඩු සමඟ මාට්ටු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment