සිංගප්පූරු හොරකමේ නවක නිළිය හසුවේ,අඳින්නේ මිල අධික ඇඳුම්,රාත‍්‍රි සාදවලට සහභාගි වන්නේ තරුපහේ හෝටල්වල - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

සිංගප්පූරු හොරකමේ නවක නිළිය හසුවේ,අඳින්නේ මිල අධික ඇඳුම්,රාත‍්‍රි සාදවලට සහභාගි වන්නේ තරුපහේ හෝටල්වල

Loading...
ඇය මෙරට නවක ටෙලි නිළියකි. පළමුව ගීත රූප රාමු කිහිපයකට සහභාගි වූ ඇයට පසුව ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑමේ අවස්ථාව ලැබිණි. ඒ සුළු චරිත සඳහා ය. ඇයට වුවමනා වූයේ මෙරට ජනපි‍්‍රය ටෙලි නිළියක් වීමටයි. ඒ සඳහා ඕනෑම දෙයක් කැප කිරීමට ඇය සූදානමින් සිටියාය. ඒ අනුව ඇය අධ්‍යක්‍ෂකවරු කිහිප දෙනෙක් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියාය. එම අධ්‍යක්‍ෂවරුන්ගේ ඕනෑ එපාකම් ඉටුකළේ ඉමහත් ආශාවකිනි. ඒ තම අරමුණ ඉටුකර ගැනීම සඳහා ය. 

 දැනට විකාශනය වන කි‍්‍රකට් ක‍්‍රීඩාව සමග සම්බන්ධ ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක ඇයට සැලකිය යුතු චරිතයක් ලැබිණි. එම ටෙලි නාට්‍යයේ ජනපි‍්‍රයතාව සමඟ ඇයටද ජනපි‍්‍රයතාවක් ලැබිණි. වෙනදා මෙන් නොව ඇයට මඟතොටේදී පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර නොඅඩුව ලැබිණි. එයින් ඇය ඉමහත් උන්මාදයට පත්වූවාය. 

ජනපි‍්‍රය වීමත් සමඟ ඇයට ගමන් බිමන් යෑම සඳහා මෝටර් රථයක්, අනෙක් නිළියන් මෙන් නවීන පන්නයේ ඉස්තරම් ඇඳුම් පැළඳුම් ආදී නොයෙක් දෑ උවමනා විය. එහෙත් ඇයට ඒ සඳහා ඒ තරම් මිල මුදල් තිබුණේ නැත. දිනක් ළඟින්ම ඇසුරු කරන නිළියකට ඇය මෙලෙස පැවසුවාය. 

 ‘‘අපි ජනපි‍්‍රය වුණාට වැඩක් නැහැ දිලී... අතේ සල්ලි නැත්නම්’’

 ‘‘ඒක ඇත්ත. ඇඳුම් පැළඳුම්වලට, සැලෝන් එකටම මාසයකට කොච්චර වියදම් වෙනවද’’

 ‘‘ඒක තමයි රඟපාල හම්බවෙන මුදල් ඒවට මදිනේ...’’

 ‘‘මේකයි මේ ෆීල්ඞ් එකේ දිගටම ඉන්න නම් ලස්සන තිබිලා මදි. සල්ලිත් තියෙන්න ඕනා... හොඳට වියදම් කරන්න’’

 ‘‘දිලී මම දෙයක් කියන්නද?’’

 ‘‘මොකක්ද කියන්න බලන්න’’

 ‘‘අර ඩිරෙක්ටර් (මෙගා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකුගේ නමක් පවසා) මට හොඳ බිස්නස් කාරයෙක් සෙට් කරන්න හදනවා. හැබැයි හතළිහ පැනලා. හොඳට සල්ලි තියෙනවලූ. අත දිගහැරලා කෙල්ලන්ට වියදම් කරනවලූ’’

 ‘‘මොකක්ද හිත හිත ඉන්නේ. සෙට් වෙයං ඒ වාගේ එකෙකුට. නැත්නම් අපිට මේ ගමන යන්න බැහැ. මූණට නොකිව්වට කීදෙනෙක් ඔහොම කරනවද අද. මටත් අරයා (කිසියම් පුද්ගලයකුගේ නමක් පවසා) නැත්නම් මෙච්චර ලස්සන ජීවිතයක් ගතකරන්න බැහැනේ...’’

 ඒ අනුව එම නවක ටෙලි නිළිය අධ්‍යක්‍ෂවරයා කියන යෝජනාවට කැමැති විය. එම ව්‍යාපාරිකයා සමන්ත යන නමින් අපි හඳුන්වන්නෙමු. සමන්ත මෙරට ප‍්‍රබල ව්‍යාපාරිකයෙකි. විවාහකයකු වන ඔහුට දරුවන් දෙදෙනකුද සිටී. ව්‍යාපාර කටයුතුවලට අමතරව ඔහු නවක ටෙලි නිළියන්ට දක්වන්නේ දැඩි ආශාවකි. සමන්ත දන්නා හඳුනන ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු කිහිප දෙනෙක් සිටිති. ඔහු ඒ හරහා නවක නිළියන් හඳුනා ගනී. ඉන්පසු ඔවුනට අත දිගහැර වියදම් කර තම අවශ්‍යතාවන් ඉටුකර ගනී.

 මෙම නවක නිළියද සමන්තට එලෙස කිට්ටු විය. ඉන්පසු සමන්ත ඇය සමඟ මෙරට සුපිරි හෝටල්වල රාත‍්‍රි කිහිපයක් ගත කළේය. ඒ සෑම මොහොතකම සමන්ත අත දිග හැර මුදල් වියදම් කළේය. සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නම් කිසි දිනක සමන්තව අත් නොහැරිය යුතු බව ඇය තේරුම් ගත්තාය. ඒ අනුව ඇය සමන්තට දැඩි ආදරයක් පෙන්නුවාය. සමන්තද එම නිළියගේ ආදරයට දැඩි කැමැත්තක් දැක්වූවේය. 

 දැන් එම නවක නිළියට මුදල් අතින් ප‍්‍රශ්නයක් නොමැත. ඇය ගමන් බිමන් යන්නේ නවීන පන්නයේ මෝටර් රථයකිනි. අඳින්නේ පළඳින්නේ මිල අධික ඇඳුම් පැළඳුම්ය. රාත‍්‍රි සාදවලට සහභාගි වන්නේ තරු පහේ හෝටල්වලය. මේ සියලූ දේ සඳහා වියදම් කරන්නේ සමන්තයි. එසේ නැතිනම් නවක නිළියන්ට කැමැති ව්‍යාපාරිකයායි.

 දිනක් ඇයගේ යෙහෙළියක් (ඇයද නාට්‍ය කිහිපයක රඟපා ඇති නවක නිළියකි) මෙලෙස පැවසුවාය. ඒ ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා කොළඹින් පිට සිටිය අවස්ථාවේදීය.

 ‘‘උඹට නම් සල්ලි ගහක් සෙට්වෙලා තියෙනවා කියලා ආරංචියි’’

 ‘‘අනේ කව්ද බං ඔය බොරු කියන්නේ...’’

 ‘‘පලයං පලයං කොලේ වහන් නැතිව. පුළුවන්නම් මටත් සෙට් කරලා දීපන්’’

 ‘‘අනේ මගෙන් මොකුත් අහගන්න එපා. එයාව මම කාටවත් දෙන්නේ නැහැ. උඹ වෙන කාවහරි හොයා ගනින්...’’

 ‘‘නැහැ බං මටත් මැණික්කාරයෙක් සෙට්වෙලා ඉන්නවා. දැන්. හැබැයි අවුරුදු හැටක් විතර වෙනවා’’

 ‘‘වයස වැඩිනම් අපිට හොඳයිනේ...’’

 ‘‘මොන හොඳක්ද බං ඌට මාර විසයක් තියෙන්නේ වයසට ගිහිල්ලත්’’

 ‘‘ඒවා ගණන් ගන්න එපා. කැපකිරීම් කරන්න වෙනවා සල්ලි හොයන්න’’

 ‘‘එහෙමද... ඌ මට මාර ආදරෙයි. දැන් පස් පාරක් විතර රටත් එක්කන් ගිහිල්ලා තියෙනවා. එහෙ තියෙන ඇඳුම් කඩ. පිස්සු හැදෙනවා මාර ලස්සනයි. මට ලක්‍ෂ ගණන්වලින් ඇඳුම් පැළඳුම් අරන් දෙන්නේ...’’

 නැවත රූගත කිරීම් පටන්ගත් නිසා එම කතාව එතැනින් අවසන් විය. එම කතාව ඇසීමෙන් පසු මෙම නවක නිළියටද විදෙස්ගත වීමේ ආශාවක් ඇතිවිය. ඇය ඒ බව සමන්තට පැවසුවාය. ව්‍යාපාරික සමන්ත එක පයින්ම එයට කැමැති විය. ඒ අනුව දෙදෙනා සිංගප්පූරු බලා පිටත් වූහ. ඒ පසුගිය සතියේය. 

 දින දෙකක් පමණ ඔවුන් දෙදෙනා සිංගප්පූරුවෙහි සුපිරි හෝටලයක සිට ගමන් මහන්සිය නිවා ගත්හ. එහෙත් නවක නිළියට උවමනා වී තිබුණේ සාප්පු සවාරි යෑමටය. ඒ අනුව තුන්වැනි දින ඔවුන් දෙදෙනා එහි ඇති සුපිරි සාප්පු සංකීර්ණයකට ගියහ. නවක නිළිය එම සාප්පු සංකීර්ණය දැකීමෙන් පුදුමයට පත්විය. ඇයට ඇස් අදහා ගැනීමට නොහැකි විය. නොයෙක් මාදිලියේ ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ, සෙරෙප්පු, සුවඳ විලවුන් ආදී නොයෙක් දෑ එහි තිබිණි. ඇය ඉවක් බවක් නොමැතිව ඒවා තේරුවාය.

 මේ සියල්ල මිලදීගත හැකි නම්... එක්වරම ඇයට එලෙස සිතුණි. ඇය ආස කරන, මිල අධික භාණ්ඩ රැසක් එහි තිබිණි. ඒවා මිලදී ගැනීමට තරම් මුදල් ඇය අත නොතිබිණි. ඒ වන විටත් ව්‍යාපාරිකයාද ඇය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර තිබිණි. එම නිසා ව්‍යාපාරිකයාට තවත් කරදර කිරීමට ඇය අකැමැති වූවාය. එහෙත් ඒ භාණ්ඩ ඇයට අනිවාර්යයෙන්ම මිලදී ගත යුතුය. මිලදී ගන්නේ කෙසේද? ඇය දස අතේ කල්පනා කළාය. ඒ අතර එක්වරම සොර සිතක් ඇයට පහළ විය. ඒ අනුව එම භාණ්ඩ සොරකම් කිරීමට ඇය පෙළඹුණාය. 

 ඇය සතර වටේ නෙත් යොමා බැලූවාය. පෙනෙන තෙක් මානයක සේවකයකු නැත. ආරක්ෂිත කැමරාද පෙනෙන්නට නැත. වහාම එම භාණ්ඩ ඇය තම අත් බෑගය තුළට දමා ගත්තාය. කිසිවෙකුත් එය නොදුටුවා යැයි නවක නිළිය සිතුවාය. එහෙත් ඇයට වැරැදුනි. සේවකයෙක් එය දුටුවේය. වහාම එම සේවකයා කළමනාකාරිත්වයට එය දැනුම් දුන්නේය. ඉන්පසු එහි සිටි ආරක්ෂකයෝ පැමිණ නවක නිළිය පරීක්‍ෂා කළහ. එහිදී ඇය සොරාගත් භාණ්ඩ ඔවුනට සොයා ගැනීමට හැකි විය.

 බියට පත්වූ නවක නිළියගේ සියොළඟම වෙව්ලූවේය. කටින් වචනයක්වත් පිට නොවිය. ව්‍යාපාරිකයාද ඉමහත් ලැජ්ජාවට පත්විය. සාප්පු සංකීර්ණයේ කළමනාකාරිත්වය නවක නිළිය එරට පොලීසියට භාරදීමට සූදානම් වූහ. ව්‍යාපාරිකයා ඉතා බැගෑපත් ලෙස ඔවුන්ගෙන් සමාව ඉල්ලා එම භාණ්ඩවල වටිනාකම මෙන් දෙගුණයක් ගෙවා එම හොරකමෙන් නවක නිළිය බේරා ගත්තේ හොඳ සුද්ද සිංහල වචන කිහිපයක්ද ඇයට පවසමින්ය.

 කි‍්‍රකට් ක‍්‍රීඩාව සම්බන්ධව දැනට විකාශනය වන ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන නවක නිළිය සිංගප්පූරුවේදී එලෙස භාණ්ඩ සොරකම් කිරීමට ගොස් හසුවීමේ සිද්ධිය එතැනින් අවසන් වේ යැයි ඇය සිතුවාය. එහෙත් එලෙස නොවිණි. ඇය සහ ව්‍යාපාරිකයා යළි මෙරටට පැමිණීමටත් පෙර එම සිද්ධිය සමාජ වෙබ් අඩවිජාල වල පවා පළවිය. දැන් ඒ පිළිබඳව ඇය අනේක වාරයක් දුක් වනවා ඇත. එහෙත් දැන් ඵලක් නොමැත.
-දිවයින පුවත්පත

වත්පත 

No comments:

Post a Comment

Post Bottom Ad