"කිසිදු යුද අපරාධයක් වුණේ නෑ" - ජනරල් දයා රත්නායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

"කිසිදු යුද අපරාධයක් වුණේ නෑ" - ජනරල් දයා රත්නායක

ත්‍රිවිද හමුදාවන්ගේ ඇති විනය අනුව වැරදි කරන එහි සාමාජිකයින්ට අතීතයේ සිට අද දක්වා උපරිම දඬුවමින් හමුදා නීතිය අනුව සිදු කර ඇති බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පැවසිය.

පදනම් ආයතනයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

”83 කළු ජුලිය වෙලාවේ විනය විරෝධිව හැසිරුණු සෙබළුන් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තනතුරු පහත දමා අනුරාධපුර සිරකඳවුරට යොමු කළා. එසේ විනය විරෝධීව හැසිරෙන්න කාටවත් බැහැ. එහෙම නොකළත් පළමුව හමුදා නීතිය අනුව කටයුතු කරලා දෙවනුවට රටේ සිවිල් නීතියට අනුව කටයුතු කරනවා. යුද අපරාධයක් තනියම, එකපාරටම කරන්න බැහැ. සැලසුම් සහගතව කරන්න ඔ්නෑ. වැරැදි කරලා තියෙන අයව රටේ පවතින නීතිය අනුව විමර්ශන කරලා නඩු පවරන්න. නැතිව බොරුවට තොරතුරු නැතිව අත්අඩංගුවට ගෙන මාස ගණන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා චෝදනා නැතිව නිදහස් කරනවා. රණවිරුවන්ට තියෙන ලොකුම දේ තමයි අභිමානය."

"පසුගිය දිනවල පුවත්පත්වල පළවුණා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහත්තයත් අත්අඩංගුවට ගන්න යනවා කියලා. මේ වන විටත් යුධ හමුදාවේ නිලධාරීන් 08ක් හා සෙසු නිලධාරීන් 25ක් වශයෙන් 33ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් නිලධාරීන් 67ක් හා සෙසු නිලධාරීන් 637කගෙන් ප්‍රශ්න කර තිබෙනවා. නාවික හමුදාවේ නිලධාරීන් 7ක් හා සෙසු නිලධාරීන් 10ක් වශයෙන් 17දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංහිදියාව කියලා රට බේරාගත්ත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පීඩාවට පත්කරලා සංහිදියාව අත්කරගන්න බැහැ.” යැයි හිටපු හමුදාපති දයාරත්නායක පැවැසීය.

යුධ අපරාධ සිදු කළ බව සඳහන් කරමින් හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති එම මාධ්‍ය සකච්ජාවට හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ යන අයද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad