පක්ෂයේ අඩුපාඩු රවී ප්‍රසිද්ධියේ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

පක්ෂයේ අඩුපාඩු රවී ප්‍රසිද්ධියේ කියයි

පක්ෂයේ අඩුපාඩු රවී ප්‍රසිද්ධියේ කියයි

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද,  වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත්, සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර 71 ක් තුළ රට හැදීමට මෙන්ම නැති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂය තුළ අද වන විට කථා කාරයෝ රැසක් සිටින බවත් වැඩකාරයෝ බොහෝම අඩුවෙන් සිටින බව ද සඳහන් කළේය.
 
දේශපාලඥයෝ පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට මිස තමාට සේවයක් කර ගැනීමට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, අද වන විට ආර්ථිකයේ සැබෑ වෙනසක් ඇති කළ යුතුව ඇති බව ද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad