ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ නවක වද සිද්ධියක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ට වාචිකව නවක වදය ලබාදුන් බවට පසුගිය දින කිහිපය පුරා පැමිණිලි ලැබී තිබු අතර ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට අවවාද කළ ද ඔවුන් එය නොසලකමින් කටයුතු කළ බව උපකුලපතිවරයා සඳහන් කළේය.
අද දිනයේ පළමු වසරේ සිසුන්ට දේශනවලට සහභාගීවිමට ද ජ්‍යෙෂ්ඨ සිසුන් අවස්ථාව ලබාදී නොමැති බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කළමනාකරණ පිඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට තීරණය කළ බව උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment