"අල්ලන කුඩු තොගවලට මොකද වෙන්නේ කියන එක අපටත් ප්‍රශ්නයක්" - රුවන් විජේවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

"අල්ලන කුඩු තොගවලට මොකද වෙන්නේ කියන එක අපටත් ප්‍රශ්නයක්" - රුවන් විජේවර්ධන

අත්අඩංගුවට ගන්නා විශාල මත්ද්‍රව්‍ය තොගවලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ජනතාව ප්‍රශ්න කරන බවත් ඇතැම් අවස්ථාවල තමන්ට පවා එය ප්‍රශ්නයක් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොග විනාශ කරන්නේද නැතිනම් යළි සමාජයට එක් වන්නේදැයි යන්න ජනතාව ප්‍රශ්න කරන හෙයින් මේවා පිළිබඳ විනිවිද භාවයකින් යුතුව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහෙයින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර පහක් හයක් තුළ අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග මෙතෙක් විනාශ කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad