යාපනයේ මාධ්‍යවේදියෙකුට පහරදුන් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

යාපනයේ මාධ්‍යවේදියෙකුට පහරදුන් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

යාපනයේ මාධ්‍යවේදියෙකුට පහරදුන් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

ඊයේ (19) දින යාපනය කොකුවිල් කරුවෙම්පුලම් ප්‍රදේශයේදී නිවසකට ආවා කල්ලියෙන් එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ආවරනය කිරීමට ගිය යාපනයේ ක්‍රියාත්මක වන පෞද්ගලික කේබල් රූපවාහිනි ආයතයක සේවය කරන මාධ්‍යෙව්දී නඩරාජන් පුවන්රාජ් හට යාපනය කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති වරයා විසින් අදාල සිදුවීම ආවරණය කරන අතරතුර බහින් බස් වීමක් දුරදිග යාමෙන් පහර දුන්නේයැයි අදාල මාධ්‍ය වේදියා විසින් යාපනය පොලීසියට දමන ලද පැමිණිල්ලකට අනුව අදාල පොලිස් ස්ථානාධිපති වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පහරදීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ගුනරත්න මහතා විසින් අදාල මාධ්‍ය වේදියාට පහර දීම හේතුවෙන් එම මාධ්‍ය වේදියාගේ මුඛයට සිදු වූ තුවාලයක් හේතුවෙන් ඔහු යාපනය රෝහලේ 24 වන වාට්ටුවේ නැවති අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර පසුව සිදු කරන ලද පරික්ෂණ වලින් අනතුරුව උපපොලිස් පරික්සඛ වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad