පාකිස්තානය ඉන්දීය ප‍්‍රහාරක යානා දෙකක් බිම හෙළයි - විගස පුවත් - Vigasapuwath

Wednesday, February 27, 2019

පාකිස්තානය ඉන්දීය ප‍්‍රහාරක යානා දෙකක් බිම හෙළයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක යානා දෙකක් බිම හෙළීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වී ඇතග මේ සමගම ඉන්දු -පාකිස්තාන දෙරට අතර දරුණු ගැටුමක් ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ ගොස් ඇතග ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රහාරක යානා දෙක බිම හෙළුවේ තම ගුවන් සීමාවේදී බවත් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පාකිස්තාන යුද හමුදා ප‍්‍රකාශකයා කියයිග

පවතින ගැටුම්කාරී වාතාවරණය මත පාකිස්තානය සිය ගුවන් කලාපය සියලූම ගුවන් ගමන් සඳහා ඊයේ :27 වැනිදාෆ වසා දැමීයග මේ අනුව කිසිදු ගුවන් යානයකට පාකිස්තාන ගුවන් සීමාවට ඇතූළු වීම තහනම් වෙයිග

තම දේශය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ආරක්ෂක හමුදා සූදානම් බවත් හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් කියයිග

එහෙත් පාකිස්තානය යුද්ධයක් ස`දහා සූදානම් නොවන බවත් හෙතෙම කියයිග 

1971 වසරට පසුව ඉන්දීය ප‍්‍රහාරක ගුවන් යානා පාකිස්තාන ත‍්‍රස්ත කඳවුරු කිහිපයකට පහර දුන්නේ පෙරේදා :26 වැනිදාෆ අලූයමදීයග එහිදී ත‍්‍රස්ත සාමාජිකයින් 300ක් මරුමුවට පත්වන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයිග

මෙයින් පසුව පාකිස්තාන ගුවන් හමුදාව ක‍්‍රියාත්මකව ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ඉලක්ක 6කට ඊයේ පහර දී ඇතග

ඉන්දීය ගුවන් යානා දෙකක් බිම හෙළා ඇති ප‍්‍රකාශය ඉන්දියාව ප‍්‍රතික්ෂේප කරන නමුත් කාශ්මීරයේදී ඉන්දීය හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී කිහිප දෙනකු මියගොස් ඇති බව ප‍්‍රකාශ කරයිග කෙසේ නමුත් පාකිස්තාන ගුවන් හමුදා ප‍්‍රහාරක යානා තම ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති බව ඉන්දියාව කියයිග

මේ අතර පාකිස්තාන ඩෝන් පුවත්පත ප‍්‍රකාශ කරන්නේ ඉන්දීය ගුවන් ප‍්‍රහාර නිසා බලාකොට් ප‍්‍රදේශයේ කිසිම සිවිල් වැසියකු මරණයට පත්වී නැති බවයිග

මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ කාශ්මීරයේ දී පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක යානාවක් බිම හෙළීමට තමන් සමත් වූ බවයිග

එහෙත් පාකිස්තානය තමන් බිම හෙළුෑ ඉන්දීය යානයක සේයාරූ පවා ප‍්‍රසිද්ධ කර ඇතග 

පාකිස්තාන ගුවන් කලාපය වසා දැමීමටද එරට බලධාරීන් තීරණය කර ඇතග

එසේම ඉන්දියාවේ බටහිර කලාපයේද සිවිල් ගුවන් යානා සඳහා ඉඩ නොලැබේග
චතුර පමුණුවල කීර්ති වර්ණකුලසූරිය
දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *