Loading...
මෙසේ මරණ දඬුවම නියම වූයේ සම්පත්ගම, සුදර්ශන ගම, හුරිගස්‌වැව ලිපිනයේ පදිංචිව සිටින ඉගුරුවත්ත ගෙදර සේනාරත්න රණතුංග හෙවත් ගාමිණී නමැති අයකුටය.
විත්තිකරු විසින් වර්ෂ 2005 ජුනි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ඉහත ලිපිනයේ පදිංචිව සිටි සදුනිකා උපේකා ලක්‌මාලි නමැති මාස 38ක දැරිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.
විත්තිකරු බිරිඳ හා ඇගේ දියණිය ගල්නෑව පොලිස් වසමේ සුදර්ශන ගම, හුරිගස්‌වැව ලිපිනයේ පදිංචිව සිටියදී මව හා පියා හැර යැම නිසා අසරණව සිටි දැරිය ඇගේ මිත්තණිය විදේශගත වීම නිසා විත්තිකරුට හදාවඩා ගැනීමට ලබාදී ඇති බවත් ඇය විත්තිකරුට භාරදුන් දිනයේ සිටම අමානුෂික වද හිංසාවන් පමුණුවා තිබෙන බවත් කැකිරාව දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති මුලික නඩු විභාගයේදී අනාවරණය විය.
විත්තිකරු බිරිඳ හා ඔවුන්ගේ දියණිය මියගිය දැරිය අමානුෂික අන්දමින් නිවසේ කාමරයක සිරකර කෑමට බීමට කිසිවක් නොදී පහරදී පුළුස්‌සා ඇති බව නඩුවේදී සාක්‌ෂි දුන් අසල්වැසියන් කිහිප දෙනකුම අධිකරණය හමුවේ පවසා තිබූ අතර කුඩා දියණියට ආහාර පාන ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සම්බන්ධයෙන් අසල්වැසියන් විත්තිකරුගේ බිරිඳගෙන් අසන විට ඇයට ආහාර පාන ගත් විගසින් බඩේ අමාරුවක් වැළඳී බඩඑළිය යන නිසා ආහාර ලබා නොදෙන බව ඈ පැවසූ බවත් පැමිණිල්ල වෙනුවෙන් මූලික සාක්‌ෂි දුන් අසල්වැසියන් අධිකරණයට සැලකර තිබිණි.
දැරිය සිරකර විත්තිකරුවන් රැකියා කටයුතුවලට ගොස් නැවත එන විට දැරිය කාමරයේ මළ පහ කර තිබුණහොත් එදිනට ඇයට පහරදී පුළුස්‌සා දඬුවම් කරන බවත් මුලික නඩු විභාගයේදී අනාවරණය වී තිබුණි.
විත්තිකරු දැරියට දන්සලේදී අමානුෂිකව පහරදුන් බවට සාක්‌ෂි ලබාදුන් පිරිසක් අධිකරණයට සැලකර තිබිණි. දැරියගේ සිරුර පුරා පැරණි හා අලුත් පිළිස්‌සුම් තුවාල මෙන්ම පහරදීම නිසා ඇති වූ තුවාල කැළැල් රැසක් තිබිණි. ඝාතනයක් බවත් එවකට අනුරාධපුර රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්‌ෂණයෙන් අනාවරණය වී තිබිණි.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ 14 දෙනකු සාක්‌ෂි ලබාදී තිබූ අතර විත්තිකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඇගේ බිරිඳ වූ පොල්කොටුවේ ගෙදර කුසුමලතා නමැත්තියත් ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට ලක්‌වූ දැරිය කරදියාන පාර වෑවල පිළියන්දල ලිපිනයේ පදිංචිව සිට ඇති අතර අවුරුදු දෙකහමාරේදී මව සහ පියා විසින් හැරදමා යාම නිසා ඇය මිත්තණියට භාරදී ඇති බව මූලික නඩු විභාගයේදී කියෑවිණි.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති නිසා විත්තිකරුට මරණ දණ්‌ඩනය නියම කරන බව විනි සුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
දිවයින පුවත්පත
දිවයින පුවත්පත
No comments:
Post a Comment