Loading...
ජනතාවගේ සිහින ඉටුකරදීමට නොව පවුලේ සිහින ඉටුකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර හෝ නැවත බලයට ඒමට රාජපක්‍ෂලා වලිකන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.තවද මාකදුරේ මදුශ්ලා වැනි පාතාල නායකයින්ට දේශපාලන රැකවරනය ලබා දුන්නේ ගෝඨාබය රාජපක්ශ බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය, සේරුවිල, සේරුනුවර ඉදිකළ 'බෝ සෙවණගම' උදාගම්මානය ජනතා අයිතියට පත්කරමින් පැවැති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මෙසේද පැවැසීය.
එහිදී එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මෙසේද පැවැසීය.
අපේ ආණ්ඩුව රටට මොනවද කළේ කියා විරුද්ධවාදීන් ප්‍රශ්න කරනවා. මා නිවාස අමාත්‍යාංශය භාර ගත්තාට පසුව රටේ නිවාස ගැටලුවලින් පීඩා විඳි පවුල් 3,31,227කට උදවු උපකාර කර තිබෙන බව මා ඔවුන්ට කියන්නට කැමැතියි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 26,383ක්.
අද මෙරට සිටින සියලු දෙනාම පක්‍ෂ භේදයෙන් තොරව දැවැන්ත උවදුරකට මුහුණදී සිටිනවා. මේ වන විට සේනා දළඹුවන් ඉතා හානිකර ලෙස රටේ කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ල කරමින් සිටිනවා. මේ සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව ඉහළ අවධානයක් යොමුකර තිබෙනවා. මෙය තුරන් කිරීම සඳහා අප විශාල ප්‍රයත්නයක් දරනවා. සේනා දළඹුවන් නිසා වගා හානියට පත්වූ ගොවි පවුල්වලට සහන ලබාදීමේ වැඩසටහනක් වහාම ආරම්භ කරනවා.
සේනා දළඹු උවදුරට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය බව විපක්‍ෂයේ සිටින හිටපු ඇමැතිවරයෙක් පවසනවා මට ඇසුණා. මෙම දළඹු හානිය ඇමෙරිකාව පුරාත් පැතිරී ඇති ප්‍රශ්නයක්. ලොව පුරා රටවල් රැසකම මෙම උවදුර පැතිරී තිබෙනවා. නමුත් විරුද්ධවාදීන් අද දේශපාලන ලකුණු දමා ගැනීමට සේනා දළඹුවාවත් යොදා ගන්නවා. අද රටේ දේශපාලනය එතරම් පහතට වැටී තිබෙනවා.
සේනා දළඹු උවදුර අපේ රටේ මාස කිහිපයක් තුළ ඇතිවූ දෙයක්. නමුත් අපේ රටේ තවත් දළඹු කොට්ඨාසයක් සිටිනවා. ඒ නිදහස ලැබුණු දින සිට රට විනාශ කරන දේශපාලනයේ සිටින 'විනාශ' නමැති දළඹුවන්. මොවුන් තමා රටේ ජාතිවාදය සහ ආගම්වාදය වපුරන්නේ. මේ පිරිස තමයි පසුගිය කාලයේ හොර පාරෙන් ඉහළ තනතුරුවලට ගියේ. නමුත් අධිකරණය එය වැළැක්වූවා.
ඔබ රටේ ඉදිරි පරපුර ගැන සිතා බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතුයි. දේශපාලනයේ සිටින 'විනාශකාරී' දළඹුවන් මර්දනය කළ හැක්කේ රටේ ජනතාවට පමණයි. රටේ අනාගතය භාර දෙන්නේ කාටද කියා ඉදිරි කාලයේදී ඔබ තීරණය කළ යුතුයි. එහිදී රට වනසන, රට විනාශ කරන, දේශපාලන ගිනි කඳු ඇති කර බලයට ඒමට උත්සාහ කරන දළඹුවන් පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ඔබට ශක්තිය පහළ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

No comments:
Post a Comment