ඩුබායිහිදී ‘අජිත් අවංක වික්‍රමසිංහ‘ ලෙස වෙස්වළාගත් මධුෂ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

ඩුබායිහිදී ‘අජිත් අවංක වික්‍රමසිංහ‘ ලෙස වෙස්වළාගත් මධුෂ්


ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් විවිධ නම් වලින් පෙනී සිටි අයෙකි. පාතාල සාමාජිකයින් බොහෝ
විට අන්වර්ථ නාම
වලින් පෙනී සිටීම සාමාන්‍ය දෙයකි. මාකඳුරේ මදුස් යන්නද අන්වර්ථ නාමයක් වන අතර ඔහු වැඩි දෙනෙකු දන්නේ ඒනමින් නිසා කවුරුත් ඒ නම කියති.
ඩුබායිහි ව්‍යාජ වීසා හා ව්‍යාජ ගමන් බලපත්‍ර සකසාගෙන මදුෂ් සිටි බව ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ අනාවරණය විය.
ඒ අනුව මදුෂ් ඩුබායි පොලිසියට හසුවන අවස්ථාවේ එම ලේඛන පරීක්ෂාකර ඔහුගේ නම කවරක්දැයි විමසා තිබෙන අතර මදුෂ් පවසා ඇත්තේ තමා ‘අජිත් අවංක වික්‍රමසිංහ‘ බවයි.
මෙම නම මෙන්ම ලිපිලේඛනද සියල්ල වයාජ ඒවා බව ඔප්පුවී තිබේ. ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලංකාවේ සැකකාර චෝදනා මෙන්ම කූඨ ලේඛන හා ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රැඳී සිටීමේ චෝදනාවන්ටද ඒ අනුව ලක්ව තිබේ.
ඔහු තවමත් සිරගතව සිටින අතර වැඩිදුර පඍීක්ෂණ සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad