අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි

අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි

මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ.

පෙබරවාරි මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විෂයපතයන් වෙනස් කර ඇති බව සඳහන් වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධුර යටතේ පැවැති ජනමාධ්‍ය විෂයට අදාල කාර්යයන් සහ කර්තවියන් මෙන්ම දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට පවරා තිබේ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පත් කර ඇති බව සඳහන් වෙයි.

අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රුවන් විජේවර්ධන මහතා පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එමෙන්ම අමාත්‍ය  මණ්ඩල නොවන විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යධුරය යටතට ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ජන දිරිය අරමුදල, යන ආයතන විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අදාල අමාත්‍ය ධුරය යටතට පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad