හිරු ස්ටාර් පරාජිතයාගේ පහරදීමට සැකපිට අයෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

හිරු ස්ටාර් පරාජිතයාගේ පහරදීමට සැකපිට අයෙක් අත්අඩංගුවට


හිරු ස්ටාර් තරගයේ විනිශ්චය සිදු කරන්නට යාම නිසා පරාජිතයෙකුගේ සගයින් අතින් පහර කෑමට හා වාහන
හානියකට ලක්වූ
ජනප්‍රිය ගායන
ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව සිද්ධිය වූ දිනයේ පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන පුද්ගලයකු අද (25) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය දන්වා ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දිවුලපිටියේ තිවංක නමැති තරග කරුවෙකු වෙනුවෙන් එම ස්තානයට පැමිණ තිබුණි.
සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad