'ලිස්ට් එක අද හෝ හෙට ලිඛිතව භාර දෙනවා. '- රංජන් රාමනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

'ලිස්ට් එක අද හෝ හෙට ලිඛිතව භාර දෙනවා. '- රංජන් රාමනායක

Loading...
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ තොරතුරු අද (21දා) හෝ හෙට (22දා) කථානායකවරයාට ලිඛිතව භාර දීමට කටයුතු කරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය.
මේ සම්බන්ධයෙන් මීට පෙර දුරකථනය ඔස්සේ තමා කථානායකවරයා දැනුවත් කළ බවත් එහිදී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නම් රැසක් පැවසූ බවත් හෙතෙම සඳහන් කළේය.
ඊයේ (20දා) පාර්ලිමේන්තු සභාගැබේ සිට ‘දිවයින’ට අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
මම සෑම ආගමකටම ගරු කරන පුද්ගලයෙක්. සත්‍ය හෙළිදරව් කිරීම මගේ ජීවිතයේ වටිනාම අංගයක්. මා කිසි විටක බොරුවක් පවසා නෑ. ඒ බවට මේ රටේ ජනතාව සාක්ෂි දරනවා. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ,මන්ත‍්‍රීවරුන් දෙපක්ෂයේම සිටිනවා. දැන් මම මේ තොරතුරු සවිස්තරාත්මකව සකස් කරලා කථානායකවරයාට ලිඛිතව භාර දීමට කටයුතු කරනවා.
මේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් ටී.එන්.ඒ සහ ජ.වි.පෙ. මන්ත‍්‍රීවරුන් නිදහස් කරන්න පුළුවන්. ඒ අයට මේ චෝදනා අදාළ නැහැ.
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ තොරතුරු හෙළි කළ නිසා මට දැන් දසතින්ම රැවුම් ගෙරවුම් සහ බැණුම් ඇහෙනවා. නමුත් මා සත්‍ය හකුලා ගන්නේ නැහැ. තවදුරටත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් මාව අපේ පක්ෂයේ විනය කමිටුව හමුවටත් කැඳවලා. සත්‍ය හෙළිදරව් කිරීම වරදක් වී තිබෙන්නේ ලංකාවේ විතරද කියලා මම අහනවා. එන ඕනෑම තත්ත්වයකට නොබියව මුහුණ දෙනවා.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad