කෝටි 700 දියමන්ති කොල්ලයේ සැකකාර වෙඩිකන්දේ කසුන් රිමාන්ඞ්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

කෝටි 700 දියමන්ති කොල්ලයේ සැකකාර වෙඩිකන්දේ කසුන් රිමාන්ඞ්.


Loading...

රුපියල් කෝටි 700 ක් පමණ වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කසුන් දනන්ජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා ඊයේ (20 වැනිදා) ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු මස 06 වැනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙරිණි.
මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන මොහු ඊයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සැකකරු පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පන්නිපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට පැමිණ දියමන්ති ඇතුළු මැණික් ගල් තොගයක් රැගෙන පලාගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි.
මේ සම්බන්ධව පරීක්‍ෂණ සිදුකළ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් පෙරේදා (19 වැනිදා) වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප‍්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad