මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව තහවුරු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව තහවුරු වෙයි

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව තහවුරු වෙයි

බායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව ය.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පසුගිය 05 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය.

ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය.

සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ද සැලසුම් කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කළේ ය.

මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මොවුන් සහභාගි වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad