වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුත් කරමින් පවසයි.
ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව තම පාර්ශවයට පැති කිහිපයකින් සැක පහල වන බවද ඒ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේද ඇතැම් වංචා හා දූෂණ සිදුවී ඇති බව වාර්ථා වී ඇත.
එම දූෂණ සහ අක්‍රමිකතා පසුපසින් ඇතැම් බලගතු දේශපාලඥයින්ද සිටින බව ඇතැම් රේගු නිලධාරින්ම ප්‍රකාශ කර තිබෙන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙම අකටයුතුකම් සහ දූෂණවලට විරුද්ධව වන රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ලවන බවද වාර්තා වි ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් පසුගිය වසර හතර තුළ රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට නිලධාරීන් 4 දෙනෙකු පත් කිරීමෙන්ම මෙම අර්බුධකාරී තත්ත්වය කෙතරම් බරපතල දැයි අණාවරණය වි ඇති බවඳ එහි සඳහන් වේ.
අවස්ථා කීපයකදීම නිති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් මෙරටට ගෙනෙන ප්‍රධානම මාර්ග රේගු නිලධාරීන් විසින් අහුරන ලදී.
තම රාජකාරී කටයුතු අකුරටම ඉටුකළ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂ ජෙනරාල්වරිය රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යැවීම මෙම රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇති බවත් රේගු වෘත්තිය සමිති ආරම්භ කොට ඇති අකුරට වැඩ කිරීම නිසා මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.
මේ හේතුවෙන් රට තුළ අතවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ යාමට ඉඩ ඇති බවත් එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඒ පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතු බවත් මෙම රජය පත්වූ අවස්ථාවේ සිටම රටට සහ ජනතාවට අහිතකර තීන්දු තීරණ ගැනීම පුරුද්දක් ලෙස කරගෙන යමින් සිටින බව රහසක් නොවන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.
ජන ජීවිතයට බලපාන මෙවැනි සංවේදී ආයතන කාර්යක්ෂමව පරිපාලනය කළ යුතු බව රජයට අවධාරණය කරන අතර අදාළ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කොට රේගු දෙපාර්තමේන්තුවේ ගැටළුව වහාම විසදීමට අදාළ බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන්න බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනයේ සඳහන් වේ.
No comments:
Post a Comment