නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම්

නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ

නිදහස් දිනය සැමරීම හැඳින්වීම සඳහා කුමන නමක් භාවිත කළද එහි අර්ථයෙහි කිසිඳු වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් සමරන්නේ ජාතික නිදහස් දිනය බවයි.

නිදහස් දිනය සැමරීම හැඳින්වීමේදී නම් වශයෙන් කෙසේ වෙතත් අර්ථය එකම බවත් කුඩා කොටසක් අල්ලාගෙන බොහෝ දෙනෙක් එක් එක් දේ පවසන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

ඔහු පැවසූවේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස සමරනු ලබන්නේ ජාතික නිදහස් දිනය වන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad