ප්‍රධාන නගරවල සූර්ය බල ව්‍යාපෘති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

ප්‍රධාන නගරවල සූර්ය බල ව්‍යාපෘති

ප්‍රධාන නගරවල සූර්ය බල ව්‍යාපෘති

මන්නාරම් දිස්ත්‍රික්කයේ මෙගාවොට් 100 සුළංබල ව්‍යාපෘතික් හා මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක නව සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරිමට කටයුතු සැලසුම්කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණායක මහතා පැවැසිය.

එසේම දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් නව සූර්යබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසිය.

ඊයේ (08) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්විමකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිදි විදුලිබල සැපයුම යාවත්කාලීන කර ඇති නමුත්, මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්, රු. 60 කට වඩා අඩුවෙන් මාසික බිල්පත් පියවන ලංවිම විදුලි පාරිභෝගිකයන් බවත් මෙහිදි හෙළිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad