මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බවයි.  සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. 

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ බව එම කාන්තාව මීට මසකට පෙර ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ විය. 

ඇය මහරගම දුම්රියපොළ පටුමගේ පදිංචිකාරියකි.  මෙම කාන්තාව පාතාල කල්ලි නායකයෙකුව සිටි කළු තුෂාර නැමැත්තාගේ බිරිඳ බව ද පොලීසිය සඳහන් කළේ ය. 

පාදුක්කේ නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට කිහිපයකට පෙර අදාළ මහරගම නිවසට ගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ. 

පොලීසිය පැවසුවේ, සිය භාරයට ගත් මෝටර් රථය අපරාධ ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad