ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ප්‍රධාන චූදිතයා වී සිටින එහි හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට දැක්වූ උදාසීනභාවයම මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන්ද වර්තමාන ආණ්ඩුව විසින් දැක්වීම ඉතා බරපතළ ඛේදවාචකයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පසුව ඔහු සම්බන්ධයෙන් නිසි ආකාරයකින් ක්‍රියාත්මක වීමට වර්තමාන ආණ්ඩුව මේ දක්වා ක්‍රියාකර නොමැති බවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද? කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කර සිටියි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකු සම්බන්ධ බවට ආණ්ඩුවේම නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රන්ජන් රාමනායක බරපතළ ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත් එම අමාත්‍යවරුන් කවුරුන්ද කියා අමාත්‍යවරයා විසින් වහාම රටට හෙළිකළ යුතු බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
No comments:
Post a Comment