ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය

ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් 2019 වසරට සුභ පතා එවන ලද SMS පණිවිඩවලට අදාළ තොරතුරු ඉල්ලා, ‘විකල්ප’ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් පසුගිය ජනවාරි 2වනදා ජනාධිපති කාර්යාලය වෙත, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අදාලව අයදුම්පතක් ඉදිරිපත් කළේය.

 

ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් එම තොරතුරු ඉල්ලීමට අදාලව ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ,‘ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරියෙහි හෝ භාරයේ නොමැති වීමේ හේතුව මත ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි’ යනුවෙනි.

 

මේ එම ලිපියේ පිටපතයි.

අදාළ පනතට අනුව සම්පත් සමරකෝන් විසින් අභියාචනයක් මේ වන විටත් සිදු කර තිබේ.

- vikalpa.org

No comments:

Post a Comment

Post Bottom Ad