ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරගාවලියට එක්වන කණ්ඩායම් හතරේ සංචිත ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
කොළඹ කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන අතර උපුල් තරංග එහි උපනායකයා ලෙස කටයුතු කරනවා.
මහනුවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.
ගාල්ල කණ්ඩායම ලසිත් මාලිංග මෙහෙයවන අතර දඹුල්ල කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙනවා.
අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන මස 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
සියලූ තරග රංගිරි දඹුලූ සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණවලදී පැවැත්වෙනවා. මෙම තරගාවලියේ දක්ෂතා අනුව එක්දින ක‍්‍රිකට් නායකයා සහ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය තෝරා ගන්නා බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.
කොළඹ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියංජන්, කමිදු මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය, අමිල අපොන්සු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, චාමර සිල්වා, මොහොමඞ් සිරාස් සහ ෂෙහාන් ජයසූරිය.
අතිරේක - විශ්ව චතුරංග, නිපුන් ධනංජය, කුසල් පෙරේරා, තරිඳු රත්නායක, නිපුන් රන්සික, හෂාන් දුමින්ද සහ හසිත බෝගොඩ.
චරිත් සේනානායක (කළමනාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු)
මහනුවර කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), තිසර පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩසේ, මාලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, දිලේෂ් ගුණරත්න සහ මනෝජ් සරච්චන්ද්‍ර.
අතිරේක - තරිඳු කෞෂාල්, චමින්ද විජේසිංහ, ඩිල්රුවන් පෙරේරා, කවීෂ්ක අන්ජුල, ජෙහාන් ඩැනියෙල්, රොහාන් සංජය සහ සංගීත් කුරේ
බාලන් ආශිර්වාදන් (කළමනාකරු) සහ පියල් විජේතුංග (ප්‍රධාන පුහුණුකරු)
ගාල්ල කණ්ඩායම
ලසිත් මාලිංග (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), සදුන් වීරක්කොඩි, කුසල් මෙන්ඩිස්, මහේල උඩවත්ත, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, නිෂාන් පීරිස්, චාමික එදිරිසිංහ, දුෂ්මන්ත චමීර, ළහිරු මධුෂංක, ශම්මු අශාන්, ෂෙහාන් මධුශංක සහ වනිදු හසරංග.
අතිරේක - නිපුන් කරුණානායක, කමිල් මිශාර, නිසල තාරක, බිනුර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් සහ තික්ෂිල ද සිල්වා
ශම්මි ගුණසේකර (කළමනාකරු) සහ තිලාන් සමරවීර (ප්‍රධාන පුහුණුකරු)
දඹුල්ල කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඉෂාන් ජයසූරිය, සචිත්‍ර සේරසිංහ, අශේන් බණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස්.
අතිරේක - කේ.ඩී.වී. විමුක්ති, සොනාල් දිනූෂ, ළහිරු ගමගේ, රමිත් රඹුක්වැල්ල, ශිරාන් ප්‍රනාන්දු, කෞෂාල් සිල්වා සහ ළහිරු උදාර.
විනෝදන් ජෝන් (කළමනාකරු) සහ සුමිත්‍ර වාර්ණකුලසූරිය (ප්‍රධාන පුහුණුකරු)
තරග කාලසටහන
අප්‍රේල් 4 වැනිදා - කොළඹ සහ දඹුල්ල අතර - දඹුල්ලේදී
අප්‍රේල් 4 වැනිදා - මහනුවර සහ ගාල්ල අතර - පල්ලේකැලේදී
අප්‍රේල් 6 වැනිදා - දඹුල්ල සහ ගාල්ල අතර - දඹුල්ලේදී
අප්‍රේල් 6 වැනිදා - කොළඹ සහ මහනුවර අතර - පල්ලේකැලේදී
අප්‍රේල් 8 වැනිදා - දඹුල්ල සහ මහනුවර අතර - දඹුල්ලේදී
අප්‍රේල් 8 වැනිදා - කොළඹ සහ ගාල්ල - පල්ලේකැලේදී
අප්‍රේල් 10 වැනිදා - තෙවැනි ස්ථාන තේරීමේ තරගය - දඹුල්ලේදී
අප්‍රේල් 11 වැනිදා - අවසන් මහ තරගය - දඹුල්ලේදී
Thursday, March 21, 2019
"මාලිංග - චන්දි - දිමුත් - මැතිව්ස්" ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 04කට නායකත්වය දෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment