අර්ජුන් ගැන ජනපති කී කතාවට සිංගප්පූරු රජයෙන් පිළිතුරක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

අර්ජුන් ගැන ජනපති කී කතාවට සිංගප්පූරු රජයෙන් පිළිතුරක් !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට සිංගප්පූරුව මැදිහත් නොවුණු බවටත් එරට ඔහුට රැකවරණ සලසන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සිංගප්පූරු රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

අර්ජුන මහේන්ද්‍රන් මහතා පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අවශ්‍ය නිසි වාර්තා හා ලේඛන ශ්‍රී ලංකා රජය මගින් ලබා දෙන්නේ නම් ඔහු පිටුවහල් කළ හැකි බව සිංගප්පූරු රජය කියයි.
ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිංගප්පූරුව නීතියෙන් බැඳී සිටී.

ඩොලර් මිලියන 74 ක මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් මහතාට සිංගප්පූරුව රැකවරණ සලසන බවට ජනපතිවරයා චෝදනා කළේ පසුගිය සඳුදා (18) දිනයේදීය.

එහෙත් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ සඳහන් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති පිටුවහල් කිරීමට අදාළ නිසි ලියවිලි මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර නැති බවය.

මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අත්‍යවශ්‍ය ලේඛන කිසිවක් සම්පූර්ණ කිරීමට ලක් රජයට නොහැකි වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කර ඇතැයි එරට ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.

ඉදිරියේදී හෝ අදාළ පුද්ගලයාට එරෙහිව නිසි තොරතුරු සපයනු ඇතැයි සිංගප්පූරුව බලාපොරොත්තු වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad