ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිපයේ 04කට ඇමතිකම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිපයේ 04කට ඇමතිකම් !

එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ගේ නම් මෙලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බවත්, යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර වැඩි කරන ලෙස ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල ප්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැති බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.

කෙසේවුවද සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර ඇත්තේ, ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දී යළිත් වතාවක් පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගෙන ඇති බවයි.

ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා බාධා නොකරන බවට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇති බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

තොණ්ඩමන්ටත් ඇමති ධුරයක් !

මේ අතර පිහිටුවීමට සැලසුම් කර ඇති ජාතික ආණ්ඩුවට පාර්ශවකරුවෙකු ලෙස එක්වන්නැයි ලංකා කම්කරු කොංග්‍රසයට එකසත් ජාතික පක්‍ෂය විසින් ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

එජාප ප්‍රබප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් මෙම ආරාධනාව කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාටය.

කෙසේ නමුත් එම යෝජනාවට මේ දක්වා තොණ්ඩමන් මහතා කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කර නොමැති බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad