දත් කුහර පිරවීමට ලංකාවේ වෛද්‍යවරුන් විසින් භාවිත කරන ඇමල් ගම්වල පවත්නා රසදිය, නිදන්ගත ස්නායු රෝග, පිළිකා සහ වකුගඩු රෝග ඇතුළු මාරාන්තික රෝගාබාධ රැසකටම හේතු වී ඇතැයි ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදක්වා ඇති නවතම වාර්තාවකට අනුව ලංකාවේ දත් කුහර පිරවීමට භාවිත කරන ඇමල්ගම්වලින් වඩාත්ම සෞඛ්‍ය අවදානමකට ලක්වන්නේ කුඩා දරුවන් සහ ගර්භණී මාතාවන් බව "පරිසර යුක්ති කේන්ද්‍රයේ" විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.
විතානගේ මහතා මෙසේ පැවැසුවේ රාජගිරියේ පිහිටි ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
මිනිස් සිරුරට ඉතා අහිතකර බැර ලෝහයක් වූ රසදිය සහ රසදිය අඩංගු ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරන බවට පොරොන්දු වෙමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද "මිනමාටා" සම්මුතියට පවා අස්සන් කර ඇතැයි විතානගේ මහතා කියා සිටී.
ඒ අනුව ලබන වසර (2020) වනවිට ලංකාව රසදිය භාවිතයෙන් ඉවත් විය යුතු වුවත් තවමත් මෙරටට රසදිය ආනයනය කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Monday, March 25, 2019

දත්කුහර පිරවීමට ගන්නා ඇමල් ගම් මාරාන්තිකයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment