තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීමේ එකඟතාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීමේ එකඟතාවක්

තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීමේ එකඟතාවක්

කුට ලේඛන ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්කර ගැනීමට එකඟවී ඇති බව නීතිපතිවරයා සහ විත්තියේ නීතිඥවරයා අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතාට දැනුම් දුන්නේ ය.

දෙපාර්ශ්වයේ එම එකඟතාවට නඩුවේ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අගමැතිවරයා හා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද එකී එකඟතාව සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බව අද අධීකරණයට කරුණු දක්වනු ලැබී ය.

ඒ අනුව එකී එකඟතාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 4 වන දා එම නඩුව යළි කැඳවීමට අධිකරණය දින නියම කළේ ය.

එම නඩුවේ විත්තිකාර තිස්ස අත්තනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාත් පෙනී සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad