ඇමැති බදියුදීන්ට තවත් තනතුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

ඇමැති බදියුදීන්ට තවත් තනතුරක්

ඇමැති බදියුදීන්ට තවත් තනතුරක්

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
 
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා  වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.
 
අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad