මහින්ද රාජපක්ෂ ආයෙත් තාජුඩීන්ව ගොඩගත්තා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

මහින්ද රාජපක්ෂ ආයෙත් තාජුඩීන්ව ගොඩගත්තා

මහින්ද රාජපක්ෂ ආයෙත් තාජුඩීන්ව ගොඩගත්තා

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නැවත වරක් වසීම් තාජුඩීන් ගොඩගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වසීම් තාජුඩීන් මරණය අනතුරක් බවත් ඒ වන විට ඔහු පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ගමන් කරමින් තිබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad