දළදා මාළිගාවේ අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ බංගලි ජාතිකයෙක් අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

දළදා මාළිගාවේ අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ බංගලි ජාතිකයෙක් අත්අඩංගුවට!

ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපයට ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයෙකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් අද (05) පෙරවරු 8.30 ට පමණ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

තමන් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බව සැකකරු පොලීසියට පවසා ඇත. ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිත කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.

ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක්”කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය භාරයට ගෙන ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ගේ උපදෙස් මත සංචාරක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දමල්ගොඩ   ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


No comments:

Post a Comment

Post Bottom Ad